ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ දේශනාවන් සහ වැකි

දේශනාවන්

"වරද දුටු තැන වරද කියා දීම මගේ ධර්මතාවකි. එසේම ම විසින් රේම සිතින් දෙන අවවාද පිළිගැනීමට සිංහල බෞද්ධයන් විරුද්ධ බැවින් අවවාද කිරීමට මගේ කාලය ගත කිරීම අප්රයෝජන බව මට පෙනේ. පසුගිය තුන් මාසය තුළ දීම දිනෙන් දිනම මධ්යම යාමය පසු වී දෙ පැයක් ගිය තැන නින්දෙන් නැගිට එතැන් පටන් සිංහල බෞද්ධයන් උදෙසා ධර්මාවවාද වාක්ය ලිවීමට කාලය ගත කළෙමි. අවවාද වචන ශ්රවණය කරන්නට කන් යොමු නො කරණ ක්රෝධ සිතින් ක්රියා කරන මනුෂ්ය සමුහයා අතර නතර වීම සමාධි භාවනා කිරීමට හේතු නොවන්නේය. මපියානන් විසින් මට දී තිබෙන දායාදය බුදු සසුන දියුණුව සඳහා වියදම් කිරීමට මගේ සහෝදරයන්ට භාර කෙළෙමි. සමාධි භාවනාව කිරීමට යෝග්‍යය ස්ථානයක් ලංකාවේ සොයා ගැනීම දුර්ලභයි. මෛත්රී කරුණා ඇති සත් පුරුෂයන් දෙදෙනෙකුවත් ආශ්‍රය කිරීමට නැති බැවින් සංවේගයෙන් සිටිමි. ලබන මාසයේ දී පමණ ලංකා භූමිය අත් හැර බුදු පසේ බුදු මහ රහතුන්ට ද චක්‍රවර්ති රජ දරුවන්ට ද සැප දෙන මධ්‍ය මණ්ඩලය දිශාභිමුඛ ව ගමන් කරන්නෙමි." - මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි


වැකි

"සිංහල ජාතිය වෙනුවෙන් දිවි පුදන්නට මම සැරසී සිටිමි."

"මගේරට, මගේ ජාතිය, මගේ ආගම, මගේ භාෂාව කියා වටිනා රත්න හතරක් මට තියෙනවා. ඒ රත්න හතර ආරක්ෂා කර ගැනීම මගේ යුතුකමයි."

"සිංහල බෞද්ධ දරුවනි, දිවි යතත් බොරුවක් නොකියන්නට අධිෂ්ඨාන කරගනිමු."

"දිවා රෑ දෙක්හී සිංහලයන් වීරීය කළොත් ………. වර්ෂයක් තුළ සිංහල ජාතිය දියුණු අඩියකට පමුණුවා ගත හැකිය. එබැවින් සිංහලයෙනි, වීරියෙන් කටයුතු කරව්."

"සිංහලයන්ට විස මත්පැන් බොන්නට දී සිංහලයන් නැති කළ සුද්දා අපේ පරම්පරා හතුරකු ලෙස මම සලකමි."

"වරද දුටු තැන පෙන්වා දීම මගේ ගතියයි. මගේ අවවාද පිළිගැනීමට අසතුටු නම් ඒ බව දැන් වූ විට මට වෙන රටකට ගොස් සිටිය හැකිය";

“අපේ මිනිසුන්ගේ වැඩේ කෑමයි, බීමයි, නිදාගැනීමයිනේ? ඉතින් කොහොමද දියුණු වෙන්නේ?”


කවි ගායනා

දිනු මව්බිමට නිවහල් ලෙස                   වැජඹෙන්න
තම ජාතියට අභිමන් ලෙස                     නැගිටින්න
ඉපදුනු රටට නොමියෙන ලෙස              මිය යන්න
ඔබ කළ මෙහෙය ඇති හැම සිත්             පුබුදන්න


සටන් පාඨ
  • මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.

  • උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.

    ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.

    උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා.

    දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරා කාරයත් එකයි කියලා.

    උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා.

    එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි.

    පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි.

    උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න

    මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා.

    අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා.

    ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි.,,

    - අනගාරික ධර්මපාල තුමා 1926 දී කරන ලද ප්‍රකාශය

  • "සිංහලයිනි නැගිටිව්, බුද්ධගයාව බේරාගනිව්"

  • - 1890 දී දඹදිව බුද්ධගයාවට වන්දනාවේ දී

  • "හරක්මස් නොකනු", "රා නොබොනු"

  • එතුමාගේ ප්‍රචාරක රථයේ සදන් කළ අමද්‍යප සටන පාඨය


    ප්‍රකාශ
  • "දිවා ආහාරය ගෙන විවේක ගන්නා දෙමළ රික්ෂෝකාරයා මෙකද කරන්නේ? තමන් ඇඳගෙන යන රික්ෂෝවටම හේත්තු වෙලා පුවත්පතක් හඬනඟා කියවනවා. උගේ ජාතියේ අනෙක් උදවිය ඌ වටකරගෙන ඒකට කන් දී අසා සිටිනවා. අපේ සිංහල ගොන් තක්කඩියා මොකද කරන්නේ ? එක්කෝ රා බොනවා නැත්නම් සූදූ කෙළිනවා ඒත් නැත්නම් දෙදන තුරුල් කරගෙන බූරු ඇඳක නිඳි."

  • "අපේ මිනිසුන්ගේ වැඩේ කෑමයි, බීමයි, නිදාගැනීමයිනේ? ඉතින් කොහොමද දියුණු වෙන්නේ?" 

  • ලංකාවේ තරුණයන්ට අනගාරික ධර්මපාලතුමා ලබාදුන් පණිවිඩය

  • "අත්තදීපා විහරථ අත්ත සරණා අනඤ්ඤ සරණා, ධම්මදීපා විහරථ ධම්ම සරණා අනඤ්ඤ සරණා" - ලාබයට ඔබට රා - අරක්කු සොසේජ් හා විස්කි දෙමින් ඔබ ලවා තමාගේ බඩු මිලදී ගන්වන විදේශිකයා විශ්වාස නොකරන්න

     


    ප්‍රාර්ථනා

    "බුදුදහම ලෝකයේ ප්‍රචාරය කිරීම සඳහා තවත් 25 ස් වතාවක්වත් යළි උපදීවා"

    "මමද දුකින් මිදී අනුනුත් දුකින් මුදවමි"


    ධර්මපාල තුමාගේ ශ්‍රේෂ්ඨ කියමන්
    1.  “ මගේ රට, මගේ ජාතිය,මගේ ආගම, මගේ භාෂාව මේ මහා අනර්ඝ රත්න සතරක් මට තිබේ. මේ රත්න සතර ආරක්ෂා කරගැනීම මගේ යුතුකමකි. මෙසේ එක එක සිංහලයා   විසින් කල්පනාවට ගනු ලැබ සතර අගතියෙන් වෙන්ව ක්‍රියා කළ යුතුය.“
    2. “අහෝ  වේගෙන යන විපත්තියක්! ඔහු බේරාගන්ට කිසිම කෙනෙක් නැද්ද?“
    3. “අපේ ළමයින්ට ශිල්ප ශාස්ත්‍ර කර්‍මාන්ත ඉගැන්වීමට බලවත් වීර්ය කටයුතුය. සිංහල ජාතින් වෙනුවෙන් දිවි පුදන්ට මම සැරසී සිටිමි.“
    4. “ දිවා රාත්‍රි දෙක්හිම සිංහලයන් වීර්‍ය්‍ය කළොත් පස් වර්‍ෂයක් තුළ සිංහල ජාතිය දියුණු අඩියකට පමුණුවාගත හැකිය. සිංහලයිනි,සිංහ වීර්‍ය්‍යෙයන් ක්‍රියා  කරණු“
    5. “ බුද්ධාගම ආරක්ෂා කරන්ට උපන් ජාතිය සිංහල ජාතියයි. වර්‍ෂ දෙදහස් පන්සීයක් බුද්ධාගම ආරක්ෂා කළ වෙන ජාතියක් නැත.“
    6. “ සිංහල බෞද්ධ දරුවනි! දිවියතත් බොරුවක්, මුසාවාදයක් නොකියන්ට අධිෂ්ඨාන කර ගනින්.“
    7. “ සිංහලයන්ට විෂ මත්පැන් බොන්ට දී සිංහලයන් නැති කරණ සුද්දා අපේ පරම්පරා සතුරන් ලෙස මම සලකමි.“
    8. “මම මේ සියලු වීර්‍ය්‍ය කරන්නේ සිංහල ජාතියට ද, බුද්ධාගමට ද ඇති බලවත් කරුණාව නිසයි. සිංහලයිනි! සමඟියෙන් ක්‍රියාකොට  දියුණුව කරා පැමිණිමට උත්සාහ කරව්.“
    9. “ මම අපේ සිංහලයන්ට බණින්නේ මගේ සහෝදර දොස්තර හේවාවිතාරණට බණින්නාක් මෙන් සහෝදර ප්‍රේමයෙනි. ලෝකයේ බෝහෝ රටවල සංචාරය කළ මම පිටරටවල් දියුණුවෙන හැටිත්, අපේරට පමණක් පිරිහෙන හැටිත් දැක, ඉවසාගන්න වේදනාවෙනුයි බණින්නේ. තරහකින් නොවේ.ජාතික වේදනාවකිනුයි.
    10. “ ලංකාවාසි සිංහල ජනකාය අන්ධකාරයේ සිටින උම්මත්තක කොටසකි. ශාස්ත්‍ර ශිල්ප කර්‍මාන්ත විද්‍යා ඉගෙනගන ජාතිය දියුණු කිරීමට හිතැති සිංහලයන් දස දෙනෙක් සිටිනවා නම් දස වර්‍ෂයකින් සිංහල ජාතිය නැවතත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය වර්‍ගයක් කළ හැකිය.“
    11. “ සිංහලයන්ගේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරමින් සම්බුද්ධ ශාසනයාගේ චිරස්ථිතිය සඳහා වර්‍ෂ 20 ක් නා නා රට වලට ගොස් ඒ රටවල ශිල්ප ශාස්ත්‍ර ශාලා ගැන මම පරික්ෂා කෙළෙමි.“
    12. “ඉංග්‍රීසීන් සදාකාලයටම ලංකාව පාලනය කරන්නේ නැත.ඉංග්‍රීසිහු ද වර්‍ෂ 30 ක් ගිය තැන ලංකාව අත්හැර යනවා ඇත.“
    13. “ අප ජාතිය නැතිවීමට මත්පැන් බීම හේතු වී තිබේ.“
    14. “දැනට අප ඉතාම පහත් ගතියකට පැමිණ සිටින බව ප්‍රත්‍යක්ෂයි. ලෝකයේ අනෙක් සියලු ජාතින් දියුණු වෙන මේ කාලයේ අප පමණක් පිරිහි යන්නේ මන්ද?“
    15. “ මම හිර ගණනේ මෙහේ සිටිමි. මා බේරා ගැනීමට කටයුතු කරන්ට කිසිවෙක් නැති බැවින් දුක් විදිමින් සිටිමි. ලංකාවේ බෞද්ධ - මහමත් කෝලාහලය නිසා නිරපරාදේ සිටි මට දුක් විඳින්නට වී තිබේ. මේ ලියුමට උත්තර එවාපන්. එවිස්   නම ඉවත් කොට පුරාණ සිංහල ආර්‍ය්‍ය නමක් ගන්ට හිතට ගනින්.“
    16. “උඹට ලැබෙන පඩියේ හැටියට පවුල ලොකු කර ගන්ට එපා. හුඟක් ළමයි ඇතිකර ගැනීම මතුවට උන්ටයි දුක.“
    17. “ප්‍රයෝජන ගහක් කපා දැමීම ලොකු පාඩුවක්. දැනට ලංකාවේ කොස්, නැදුන්,බුරුත ලබා ගැනීම දුෂ්කරයි. මේ ගස් රැකීමට ඕනෑ. කොස් ඇට ..................වත්තේ තැන තැන්වල හිටුවාපන්. දවසට ඩදෙවරක් පන්සිල් ගනින්. පෝයට අටසිල් සමාදන් වෙයන්.“
    18. “ශිල්ප, කර්මාන්ත, විද්‍යා ඉගෙන ජපන්නු යුරෝපීයයන් පරාජය කළහ. අපේ සිංහල තරුණ පෙළ නීතිය හා  වෙදකම පමණක් ඉගෙනීමට වීර්ය්‍ය කරති. ශිල්ප කර්‍මාන්ත ගැන කල්පනා නොකරන ජාතිය දුගී වන්නේය. “
    19. “භික්ෂුන් වහන්සේලා කුසීතකම අත්හැර මනුෂ්‍යයන්ට නිතරම ධර්මයෙන් අනුශාසනා කරනවානම් සිංහල බෞද්ධයන් ඉක්මනින් අභිවෘද්ධියට පැමිණෙනවා නිසැකය.“
    20. “දඹදිව දැනට පුරාණ විහාර දාගැබ් තිබේ. නමුත් භික්ෂු සංඝයා නැති බැවින් ශාසනයක් නැත. ලංකාවේ බෞද්ධයන් විසින් විහාර චෛත්‍ය වලට ධනය වියදම් කරන්නාසේ භික්ෂුන් වහනිසේලාට ධර්මය උගැන්වීම සඳහා වියදම් කර ඒ භික්ෂුන් ලංකාවේ නානා දිසාවලට ද පිටරටවලට ද යවනවානම් සියලු දානයන්ට වඩා උසස් දානය දුන්නා වෙයි.“
    21. “පරදේශික  සුද්දා ලංකාවට පැමිණි තැන් පටන් මේ දක්වාම සිංහලයන් නැති කිරීමට කටයුතු කරනු ලැබේ. හලාහල විෂ නමැති මධ්‍යපානය වර්‍ෂ 1801දී ප්‍රසිද්ධියේ පළමු වැනි වරට විකුණන්ට පටන් ගන්නා ලදී.“
    22. “හරක් මස් රොඩියා - රා බොන්නා උගුඩුවාය. රා බොන්නා - වසලයාය.“
    23. “ ගිහිගෙය දුක මට බාල කාලයේ දීම හැඟීයාමට හේතු වුණේ මගේ බාල සහෝදරී එක්  අවුරුදු වයසේදී කාල ක්‍රියා කළ විට , මගේ මෑණියන් පෙන්වූ සෝකය නිසාය. බලවත් ශෝකයෙන් වැළපෙන මගේ මෑණියන් දැක මට කල්පනා වුනේ කාම සැප විඳීමට ගිහිගෙට ගිහිගෙට වැදුනාම ස්ත්‍රී සේවනය නිසා ළමයකු ඉපදීම වෙයි. ඒ ළමයා කණෙක්, කොරෙක්,සයරෝග කාරයක් උනොත් ඒ දුක ළමයාටය. එසේ අනුන්ට දුක්දීම යුතු නැත. ඒ නිසා මම කාම සැපෙන් වෙන්ව බ්‍රහ්මචරියා ජීවිතයක් ගත කරන්ට ඕනෑයයි අධිෂ්ඨාන කර ගත්තා.“
    24. “හැම පාඨශාලාවකම ශිෂ්‍යයන්ට යම්කිසි හස්ත කර්මාන්තයක් උගැන්විය යුතුයි. මැහීම, ගෙතීම, රෙදි විවීම, බීරළු ගෙතීම, ගස්  සිටුවීම, කෑම පිසීම, වත්ත පිරිසිදු කිරීම, ඈතින් වලක් කපා කුණු  කසල එහි දැමීම, මුස්න බැඳීම, එළවළු කොරටු කිරීම, රටට ජාතියට ආගමට භාෂාවට ඇල්ම ඇති කිරීම මේවා අපේ ගුරුවරුන් විසින් අවංක ආදරයෙන්ම කළයුතුය.“
    25. “ඉංග්‍රීසන්ගේ බලය වැඩි කර ගැනීමට කළ මාර්ගයක් නම් පන්සල්වල උගැන්වීම නැතිකර දැමීමයි.“
    26. ඉංග්‍රීසීන් විසින් උඩරට සියලු වැදගත් පවුල්වල නිලමෙලා වෙඩිතබා මරණ ලැබූහ. උඩරට ඉතිරි වුණේ ඉතාම දුර්වල පිරිස පමණකි. එතැන් පටන් උඩරට වැස්සෝ පිරිහීමට පත්වූහ.“
    27. “ අඥාන සිංහලයිනි, පරදේශික සුද්දන් දෙන මත්පැන් බොන්ට එපා. ගෙරිමස් කන මිලේච්ඡ ජාතිකයන්ගේ චාරිත්‍ර ගන්ට එපා. වහ වහාම පිටරටවලට ගොස් ශිල්ප ශාස්ත්‍ර කර්මාන්ත ඉගෙන ගන්න.“
    28. “ සතියක් පාසා සිංහල බෞද්ධයා පත්‍රයට දැනගත යුතු කරුණු හිසින් මා ලිපි ලියන්නේ රාත්‍රී 2ට නැඟිට ලෝකානුකම්පාවෙන් වීර්‍ය්‍යය මුල්කරගෙනය. බොහෝ දෙනා සැපසේ නිදන කාලයේ මා මෙසේ ගත කරන්නේ මහා කාරුණික තථාගතයන් වහන්සේගේ චරිතය ආදර්ශ කරගත් නිසාය.“
    29. “හාල්, මුං,  කඩල, පරිප්පු  පරදේශිකයන්ගෙන් ගන්නේ මන්ද?.......................“
    30. “ වරද දුටු තැන පෙන්වාදීම මගේ ගතියයි.මා කරන අවවාද පිළිගැනීමට අසතුටුනම් ඒ බව දැන්වු විට ලංකාව අත්හැර වෙන රටකට ගොස් විසීමට මට පුළුවන. සිංහල රට, සිංහල ජාතිය, සිංහල භාෂාව උතුම්කොට සලකන මට සිංහල බෞද්ධයන් මිත්‍යාදෘෂ්ටීන් වෙනවා දැකීම ඉවසිය නොහැකිය.“
    31. “ මම රට රටවල ගොස් බුද්ධාගම  බේරා ගැනීම ගැනත්, බුද්ධාගමේ ඇති වටිනාකම ගැනත් දේශනා පවත්වා ලංකාවට ගොඩබසින කොටම පත්‍රකාරයෝ අහනවා කෝ අයවැය කියලා. මම කරපු වැඩ ගැන ඔවුන් ගොළුවෙලා.“
    32. “අවවාද කරන විට බොහෝ තැන් වලදී හිත් වේදනා වෙන අන්දමට වචන ව්‍යවහාර කරණු ලබන්නේ යයි මට කරන චෝදනාවකි. මේ සම්බන්ධව අපේ හාමුදුරුවරුන් විසින් ගිහියන්ට කරුණු කියා දෙනු ලැබීම යුතුයි.“
    33. “ මෝඩ සිංහලයින්ට උම්බලකඩ නැතුව ආහාර ගැනීම අමාරුයි. උම්බලකඩවලට වර්‍ෂයක් පාසා යොදවන මේ  විශාල මුදල ශිල්ප ශාස්ත්‍ර වර්ධනයට එකතු කර දෙනවා නම් කොපමණ අගනේද? එක එක ගෙදර පිං කැටයක් තබා උම්බලකඩවලට දෙන මුදල් රැස්කළ යුතුයි.“
    34. “වර්‍ෂ 2538ක් කිසිම මත්පැන් වර්‍ගයක් පානය නොකරමින් සිටි සිංහල ජනකාය නැති කරන්ට කටයුතු කළේ සර්‍ව සාධාරණ යයි කියනු ලබන ඉංග්‍රීසි ජාතිකයෝය.“
    35. “ ඉංග්‍රීසි ඉගෙන ගත් සිංහලයන්ගේ කල්පනාව භික්ෂුන්ගෙන් ඉගෙන ගන්ට දෙයක් නැත යනුයි. ඉංග්‍රීසි දත් සිංහලයන්ගෙන් ගරු බුහුමන් ලබන්ට වඩා ඔවුන්ට වඩා භික්ෂූන් , ඉංග්‍රීසියෙන් සමර්ථ විය යුතුයි.“
    36. “ වයස 19 සිට මම දින පොතක් පාවිච්චි කරමි. උදේ සිට රාත්‍රී නින්දට යනතුරු කළ වැඩ දින පොතේ සටහන් කිරීම යෝග්‍යය.  හිතට ඇතිවන කුසල් චේතනා, අකුසල් චේතනා දුටු ස්වප්න, කළ භාවනා, විඳින දුක් සැප, කළ හොඳ වැඩ , කියවූ පොත් වල නම්, ගිය ගමන් බිමන් හා නෑදෑ මිත්‍රයන් ගැන විස්තර, අවදිවන, නිදියන වේලා ආදි නොයෙක් දේ අන්තර් ගත කිරීමට දින පොත ඉතා ප්‍රයෝජනය.“
    37. “ පාඨශාලාවට යන ශිෂ්‍ය - ශිෂයාවන්ට යහපත් සිරිත් විරිත් උගැන්වීමට ආචාර්ය වරුන් විසින් හිතට ගනු ලැබිය යුතුය. බාල පරම්පරාව හොඳින් හදා ගත්තොත් සිංහල ජාතිය වර්ධනය වීම නියතයි.“
    38. “ මිනිසුන් විඳින දුක් හිරිහැර ගැන හිතුවාම මට උහුලන්ට බැරි තරම් සිත් වේදනාවක් ඇතිවිය. දුප්පත් අයට හැකි උපකාරයක් කරන්ට මම නිතර සූදානමින් සිටියෙමි.“

     

    ශ්‍රීමත් අනගාරික දම්පල් සමරු ගීතය

    දම්පල් නාමේ මේ අනගාරික
    සම්පත සිංහල අපට අකාලික
    හිමි ඔබ පා - කොටැ පිනිපා
    යොදමු උපා - දැය
    නගන උපා
    සුද්දන් ගිය පසු කළු සුද්දන් - කරන හදිය දැක දිවැසින් මෙන්
    ඔබ පැවසූ - වැකිය අනා
    දැයට මැ නුවණැස් දෙයි - ඔබ නම්
    දිව රුසිවරයෙක් මැයි

    දම්පල් නාමේ...................

    පර සිරිතට ගැති සිංහලයන්
    පති හැඟුමෙන් ඔසවාලන මෙන්
    මෙරට පුරා  -  සැරිසරමින්
    ඔබ කළ විරු දෙසුමන් - අදටත්
    වඩවයි හෙළ අබිමන්

    දම්පල් නාමේ........
    ලෝ ආගම් සමුළුවෙනි එදා
    ඔබ කළ එ දෙසුම වී වැඩදා
    සසුන ලොවෙ - පතළ වුණේ
    දම් සෝ රජ ඔබදෝ - දම්පල්
    යළි ඉපැදුණු හෙළයේ!

    දම්පල් නාමේ........
    ජාතිය තුන් වැනි තැනට වැටී
    බීතිය පා මර ඇඳෙහි  සිටී
    විරු ඔබගේ - යළි උපතින්
    පණදෙනු දැයට අපේ - සමිඳුනි
    අප ඔබ හතර වටේ

    දම්පල් නාමේ......................
    බුද්දගයා බේරාගන්න යි
    සිංහලයා ඔසවාලන්න යි
    ආ දෙවියා - ගියා ගියා
    ආ කටයුතු නිමවා - පාඩුව
    පුරවනු බැරි සෙ තියා

    රචනය - අරිසෙන් අහුබුදු


    රට, ජාතිය හා ආගම පිළිබඳව ධර්මපාල තුමාගේ අපේක්ෂා
    1. සිංහල බෞද්ධයන් මත්පැන් බීමට පුරුදු වී සිටීම ජාතියේ පිරිහීමට ප්‍රධානම හේතුව බැවින් සියලුම සිංහල බෞද්ධයන් මත්පැන් බීමෙන් වැළකී සිටිය යුතුය.
    2. සිංහල බෞද්ධයන් හරක් මසු කෑමෙන් වැළැකි සිටිය යුතුය.
    3. හැම බෞද්ධයෙක්ම උදේ සවස බුදුන් වැඳිය යුතුය.
    4. හැම බෞද්ධයෙක්ම පෝයට විහාරස්ථානයකට ගොස් මල් පහන් පුදා බුදුන් වැඳිය යුතුය.
    5. සිංහලයන්ට අයිති ආගම බුද්ධාගමයි. අවුරුදු 2500ක් වැනි දීර්‍ඝ කාලයක් බුද්ධාගම රැකගත් එකම ජාතිය සිංහල ජාතියයි.
    6. සිංහලයා සිංහයෙකු මෙන් නිර්භීත විය යුතුයි.
    7. නියම සිංහලයා දැක්ක හැක්කේ සිංහල බෞද්ධයෙකු තුලින්මය.
    8. හැම සිංහලයෙකුම අවංක විය යුතුය. දක්ෂ විය යුතුය.
    9. සිංහලයන් වැඩ කළ යුතුය. නිකම් නොසිටිය යුතුය.
    10. සිංහලයන් ගොවිකම හා නොයෙක්  විද්‍යා ශිල්ප උගත යුතුය
    11.  සිංහලයන්ගේ පිරිහීමට ප්‍රධාන හේතුව අසමඟිය බැවින් සිංහලයන් නිතර සමඟියෙන් සිටිය යුතුය.
    12. සිංහලයන් තුල දක්නට ඇති පැරණි උතුම් සංස්කෘතිය ආරක්ෂා කර ගත යුතුය.
    13. හැම සිංහලයෙකුම ජාත්‍යාලය හා ආගමාලය තිබිය යුතුය.
    14. හැම සිංහලයෙකුම තම රටට, ජාතියට , ආගමට සේවය කළ යුතුය.
    15. ආදායම අඩු අය දරුවන් වැඩිකර නොගත යුතුය.
    16. සිංහලයන් විදේශිය සිරිත් විරිත් අන්ධානුකරණයෙන් වැළඳ නොගත යුතුය.
    17. බුද්ධාගම ලෝකය පුරා පැතිරවිය හැකි එකම රට ලංකාවයි.
    18. භික්ෂූන් වහන්සේලා උගත්, සිල්වත් අය විය යුතුයි.
    19. භික්ෂූන් වහන්සේලා ධර්ම දූත සේවය සඳහා ලෝකයේ නොයෙක් රටවලට යා යුතුය.
    20. භික්ෂුන් ඉංග්‍රීසි, දෙමළ, හින්දි, ප්‍රංශ, ජර්මන් ආදි විදේශිය භාෂා කීපයක් දැන සිටිය යුතුය.
    21. සිංහල නායකයන් නිතරම ආදර්ශවත් විය යුතුය.
    22. ලංකාවේ තිබුණු පැරැණි ශ්‍රී විභූතිය නැවතත් ඇතිකර ගත යුතුය.
    23. හැම සිංහලයෙකුම තම ආත්ම ගෞරවය රැකගත යුතුය.
    24. දඹදිව බුද්ධාගම දියුණු කිරීමට උපකාර කිරීම හැම බෞද්ධයෙකුගේම යුතුකමකි.
    25. මහාබෝධි සමාගම ප්‍රථම ධර්‍ම ප්‍රචාරක සමාගමයි. පොදු ආයතනයක් වූ එය දියුණු කිරීම, ආරක්ෂා කිරීම හා එහි පරමාර්ථය අමතක නොකිරීම බෞද්ධ හැම දෙනාගේම පරම යුතුකමකි.