ධර්මපාල තුමාගේ ජීවිත ගමනේ වැදගත් වකවානු
1864 සැප්තැම්බර් 17 - උපත.
1873 නවවන වියෙහි දී - අටසිල් සමාදන් වීම.
1876 පාසල් නිවාසයේ දී - කුරුල්ලන් මරණ මිෂනාරී ගුරුවරයා නිසා කලකිරීම.
1880 මැයි - ඕල්කොට් දේශනය ඇසීම.
1883 ජනවාරි - කොටහේනේ කලහයෙන් කම්පා වීම.
1883 පාසල් ජීවිතය අවසන් කිරීම.
1884 පරම විඥානාර්ථ සමාගමට බැඳීම.
1884 අද්යාර්හි සමිති මූලස්ථානයට පිවිසීම.
1885 නිවෙසින් වෙන්ව සමිති මූලස්ථානයට යාම.
1886 ඩේවිඩ් නම අතහැර ධර්මපාල වීම හා අනගාරි ව්රතයට පිවිසීම.
1886 රජයේ තනතුර අත්හැරීම.
1886 ඕල්කොට් තුමා සමඟ ලංකා චාරිකාව.
1889 ප්‍රථම වරට බුද්ධගයා ශුද්ධ භූමියට පිවිසීම.
1891 මාර්තු - රැන්ගුන් නුවරට ගමන් ගැනීම.
1891 මැයි - මහා බෝධි සමාගම ඇරඹීම.
1891 ජූලි - බෞද්ධ භික්ෂූන් සිවුනමක් බුද්ධගයාවේ රැඳවීම.
1892 ජනවාරි - මහා බෝධි ඉංග්‍රීසි සඟරාව පටන් ගැනීම.
1893 නැවතත් රැන්ගුන් නුවර බලා යාම.
1893 ජූනි - චිකාගෝ දෘෂ්ටි සම්මේලනයට නික්ම යාම.
1893 සැප්තැම්බර් - දෘෂ්ටි සම්මේලනයේ දේශනය.
1893 ඔක්තෝබර් - මේරි ෆොස්ටර් දානපතිනිය හමුවීම.
1893 නොවැම්බර් - දෙවැනි වරට ජපන් රටට පිවිසීම.
1894 ජනවාරි - චීනයේ ෂැංහයි නුවරට පිවිසීම.
1894 පෙබරවාරි - බැංකොක්හි රාජ්සාකි කුමරු හමුවීම.
1894 සැප්තැම්බර් - බුද්ධගයා අරමුදල ඇරඹීම.
1894 දෙසැම්බර් - පිරිසක් කැටුව බුද්ධගයා වන්දනාව.
1895 පෙබරවාරි - බුද්ධගයා නඩුව.
1896 මැයි - කල්කටාවෙහි ප්‍රථම වෙසක් උළෙල පැවැත්වීම.
1896 ජූලි - දෙවැනි වරට ඇමෙරිකා ගමන.
1901 බුද්ධගයා භූමියෙන් බිම් කැබැල්ලක් ලබාගැනීම.
1902 බරණැස ඉසිපතනයෙන් භූමි භාගයක් ගැනීම.
1902 අප්‍රේල් - තුන් වැනි වරට ජපන් රටට යාම.
1904 ජනවාරි - සැන් ප්‍රැන්සිස්කෝහි දී කර්මාන්ත අරමුදලක් ඇරඹීම.
1904 ඕලන්දය, ඩෙන්මාර්කය, එංගලන්තය ආදියේ කම්හල් නැරඹීම.
1904 ජූලි - සාරානාත්හි කර්මාන්ත ශාලාවක් ඇරඹීම.
1904 ඔක්තෝබර් - ඕල්කොට් තුමා සමඟ නොමනාප වීම.
1906 මැයි - සිංහල බෞද්ධයා පත්‍රය ඇරඹීම.
1906 හිනිදුම බෞද්ධ පාසල ඇරඹීම.
1906 රාජගිරියේ පාසල පටන් ගැනීම.
1908 කල්කටාවේ නිවසක් මිලට ගැනීම.
1912 ලංකාව පුරා දේශන චාරිකාව.
1913 සිවු වැනි වරටත් ජපන් රටට හා හොනොලුලු දිවයිනට යාම.
1914 ෆොස්ටර් ලේන්හි නිවෙස මල්ලිකා සන්ථාගාරය කිරීම.
1914 ෆොස්ටර් රොබින්සන් පුණ්යාරෝග්ය ශාලාව පිහිටුවීම.
1915 මහා බෝධි විද්‍යාලය සන්ථාගාරයට ගෙනයාම.
1915 - 1920 කල්කටාවේ නිවාස අඩස්සියට පත්ව සිටීම.
1916 කල්කටා විහාරයට ඉඩම ගැනීම.
1918 කල්කටා ධර්මරාජික විහාරයේ වැඩ පටන් ගැනීම.
1920 විහාර කර්මාන්තය නිමකොට මහ පෙරහරක් පැවැත්වීම.
1923 ෆොස්ටර් රොබින්සන් අරමුදල පිහිටුවීම.
1925 ෆොස්ටර් මැතිනිය හමුවීමට සැන් ප්රැන්සිස්කෝ බලා පිටත්වීම.
1925 නිව්යෝර්ක් නගර ශාලාවේ ප්‍රසිද්ධ දේශනය.
1926 බෞද්ධ සංගමයක් ඇරඹීමට ලන්ඩන් යාම.
1926 ලන්ඩන් බෞද්ධ මධ්‍යස්ථානය පිහිටුවීම.
1928 බරණැස මූලගන්ධකුටි විහාර කර්මාන්තය ඇරඹීම.
1930 මූලගන්ධකුටි විහාර කර්මාන්තය නිම කරවීම.
1931 ධර්මපාල භාරකාර මණ්ඩලය පත් කිරීම හා දඹදිව බලා ලංකාවෙන් නික්මීම.
1931 ජූලි - ප්‍රවෘජ්‍යාව.
1933 ජනවාරි 16 - උපසම්පදා අධිශීලය ලැබීම.
1933 අප්‍රේල් 29 - නිධාන ප්‍රාප්තිය.