සිංහල දේශයේත්, සිංහල ජාතියේත් සම්බුද්ධ ශාසනයේත් වත්මන් යම් උන්නතියක් ඇත්නම් එහි නියමුවාණන් මෙන්ම වත්මන් ජාතික නිදහස් අරගලයේ සැබෑ නියමුවාණන් වූ ජාතියේ සැබෑ පියාණන්වහන්සේ වන අනගාරික ධර්මපාලතුමා උතුමාණන්ගේ ජන්ම ලාභයෙන් වසර 150ක් උදා වී ඇත.
අනගාරික ධර්මපාලතුමා නමින් ප්‍රසිද්ධියට පත් ඩේවිඩ් හේවාවිතාරණ උපත ලැබුවේ 1864 වර්ෂයේදීය සිංහලයන් විසින් සිය ආත්ම ගෞරවය,ජාතික පෞඩත්වය,කෙලෙසමින් සිටියදී අනගාරික ධර්මපාලතුමා විසින් සිය හඬ නංවා සිංහලයාට අලුත් යමක් කියා දීමට උත්සාහ ගෙන ඇත..එතුමා බාගෙට මැරී සිටි සිංහලයන්ට ජීවය ලබාදුන් මහා පුරුෂයකි.මෙරට පමණක් නොව විදේශ වලද මොහු අනගාරික ධර්මපාල නමින් ප්‍රසිද්ධියට පත්වන ලදි.
එතුමානන් සිංහලයන්ගේ අයිතිය වෙනුවෙන් සිරගත වීමටද නොපසුබට වූ වීර පුද්ගලයකි.සිය ධනය සිංහලයාගේ යහපත පිණිස යොදවා ඉංග්‍රීසීන්ට’පර සුද්දා’කියා ප්‍රසිද්ධ රැස්වීම් වල පැවසූ එතුමා සිංහලයකු වීම පිලිබ්ඳ මහත් ආඩම්බරයට පත් වූවෙකි.එතුමා රටත්, සිංහල ජාතියත්, සිංහල භාෂාවත්, සම්බුදු දහමත් නඟා සිටුවීමට අභීත හඬ නගා ඇත.
එතුමා අප ඉපදුන රටේ අයිතිය ආරක්ෂා කල බෝසත් ගතිගුනෙන් හෙබි පුද්ගලයෙකි.එතුමා 19වන සියවසේ ඉපදුන සිංහලයේ මහා පුරුෂයෙකි.බෞද්ධ උරුමයන් ආරක්ෂා කල එතුමා 1891දී දඹදිව බුද්ධගයාවේ මහා බෝධි ආරාමය ආරම්භ කරන ලදි.එපමනක් නොව ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩසිටි දඹ්දිව වෙහෙර විහාර ශිව භක්තිකයන්ගෙන් මුදාගෙන බෞද්ධ උරුමයන් ආරක්ෂා කරන ලදි.එතුමා ලෝකයේ රටවල් ගණනාවකම සංචාරය කර ඇත.
අනගාරික ධර්මපාලතුමා 1932දී සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවදිව පසුව උපසම්පදාව ලබා 1933 අප්‍රේල් 29 වනදා දඹදිව ඉසිපතන මුලගන්දකුටි විහාරයේදී අපවත්වන ලදි.එතුමා අපරටේ වාසනාවට පහල වූ මහා යුග පුරුෂයෙකි.
එතුමා කළ මෙහෙවර කෙටියෙන්...
- ඕල්කට්තුමාගේ “සරසවි සදරැස“ පත්‍රයේ සියළු කටයුතු කිරිම
- ඕල්කට්තුමා සමග බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවීමට වැඩ කිරීම
- ඕල්කට්තුමා සමග ලක්දිව පුරා ඇවිදමින් එතුමාගේ ඉංග්‍රීසි කථා සිංහලයට නැගීම
- බ්‍රහ්මචාරිවීමෙන් මුළු ජිවිතයම රට ජාතිය ආගම සඳහා පරිත්‍යාග කිරීම
- බුද්ධගයාවට ගොස් එය හින්දුන්ගෙන් බේරා ගැනීමට ක්‍රියාකිරීම
- “සිංහල බෞද්ධයා“ හා “මහාබෝධි“ නමින් ඉංශ්‍රීසි පත්‍රයක් ආරම්භ කිරීම
- ලක්දිව ගමක් පාසා ඇවිදිමින් දේශනා කිරීම
- පේෂකර්ම ඉගෙනීමට සිංහල තරුණයකුට ශිෂ්‍යත්වයක් දී ජපන් රටට යැවීම
- “මේරි පෝස්ටර්“ නිදහස් ආයුර්වේද ආරෝග ශාලාවක් කොළඹ පිහිටුවීම
- කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලය පිහිටුවීම
- මහාබෝධි නමින් ඉංශ්‍රීසි විද්‍යාලයක් ආරම්භ කිරීම
- සාරානාත්හි ඉසිපතනයේ “මූලගන්ධකුටි“ නමින් විහාරයක් තැනවීම
- මහනුවර මේරි පෝස්ටර් සාමණේර ආයතනයේ ධර්ම දුත භික්ෂුන් පුහුණු කිරිම
- සිංහලයන්ගේ තුළ ඉංශ්රීසියන් තිබුණු හුඹස් බිය නැති කිරීම
- පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලය පිහිටුවිම
රට ජාතිය හා ආගම පිළිබඳ ධර්මපාලතුමාගේ අපේක්ෂාවන්
- සිංහල බෞද්ධයන් මත්පැන් වීම, හරක් මස් කෑම නොකළ යුතුයි.
- සිංහලයා සිංහයකු මෙන් නිර්භීත විය යුතුය.
- හැම සිංහලයකුම අවංක, දක්ෂ හා සමගි විය යුතුයි
- සිංහලයක්ගේ උතුම් සංස්තෘතිය අරක්ෂ විය
- හැම සිංහලයත ජාතියට හා ආගමට ඇල්මක් තිබිය යුතුයි.
- හැම සිංහලයකුම තම රටට,ජාතියට, ආගමට සේවය කළ යුතුයි.
- සිංහලයන් විදේශීය සිරිත් විරිත් අන්ධානුකරණයෙන් වැළඳ නොගෙත යුතුයි
- සිංහල නායකයන් නිතරම ආදර්ශමත් විය යුතුයි