ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා පිළිබඳ තොරතුරු ඇතුළත් වෙබ් අඩවිය

150වන ජන්ම සංවත්සරය, 1874-2014

 

පැතිකඩ

ජීවිත ගමනේ සටහන්

ප්‍රකාශන

ප්‍රකාශිත ලිපි ද්‍රව්‍යය

දේශනා

දේශනාවන් සහ වැකි

මාධ්‍යය

ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යය

 

 

Large Image

සිංහල දේශයේත්, සිංහල ජාතියේත් සම්බුද්ධ ශාසනයේත් වත්මන් යම් උන්නතියක් ඇත්නම් එහි නියමුවාණන් මෙන්ම වත්මන් ජාතික නිදහස් අරගලයේ සැබෑ නියමුවාණන් වූ ජාතියේ සැබෑ පියාණන්වහන්සේ වන  අනගාරික ධර්මපාලතුමා උතුමාණන්ගේ ජන්ම ලාභයෙන් වසර 150ක් උදා වී ඇත.

අනගාරික ධර්මපාලතුමා නමින් ප්‍රසිද්ධියට පත් ඩේවිඩ් හේවාවිතාරණ උපත ලැබුවේ 1864 වර්ෂයේදීය  සිංහලයන් විසින් සිය ආත්ම ගෞරවය,ජාතික පෞඩත්වය,කෙලෙසමින් සිටියදී අනගාරික ධර්මපාලතුමා විසින් සිය හඬ නංවා සිංහලයාට අලුත් යමක් කියා දීමට උත්සාහ ගෙන ඇත..එතුමා බාගෙට මැරී සිටි සිංහලයන්ට ජීවය ලබාදුන් මහා පුරුෂයකි.මෙරට පමණක් නොව විදේශ වලද මොහු අනගාරික ධර්මපාල නමින් ප්‍රසිද්ධියට පත්වන ලදි.

එතුමානන් සිංහලයන්ගේ අයිතිය වෙනුවෙන් සිරගත වීමටද නොපසුබට වූ වීර පුද්ගලයකි.සිය ධනය සිංහලයාගේ යහපත පිණිස යොදවා ඉංග්‍රීසීන්ට’පර සුද්දා’කියා ප්‍රසිද්ධ රැස්වීම් වල පැවසූ එතුමා සිංහලයකු වීම පිලිබ්ඳ මහත් ආඩම්බරයට පත් වූවෙකි.එතුමා රටත්, සිංහල ජාතියත්, සිංහල භාෂාවත්, සම්බුදු දහමත් නඟා සිටුවීමට අභීත හඬ නගා ඇත.

එතුමා අප ඉපදුන රටේ අයිතිය ආරක්ෂා කල බෝසත් ගතිගුනෙන් හෙබි පුද්ගලයෙකි.එතුමා 19වන සියවසේ ඉපදුන සිංහලයේ මහා පුරුෂයෙකි.බෞද්ධ උරුමයන් ආරක්ෂා කල එතුමා 1891දී දඹදිව බුද්ධගයාවේ මහා බෝධි ආරාමය ආරම්භ කරන ලදි.එපමනක් නොව ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩසිටි දඹ්දිව වෙහෙර විහාර ශිව භක්තිකයන්ගෙන් මුදාගෙන බෞද්ධ උරුමයන් ආරක්ෂා කරන ලදි.එතුමා ලෝකයේ රටවල් ගණනාවකම සංචාරය කර ඇත.

අනගාරික ධර්මපාලතුමා 1932දී සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවදිව පසුව උපසම්පදාව ලබා 1933 අප්‍රේල් 29 වනදා දඹදිව ඉසිපතන මුලගන්දකුටි විහාරයේදී අපවත්වන ලදි.එතුමා අපරටේ වාසනාවට පහල වූ මහා යුග පුරුෂයෙකි.

එතුමා කළ මෙහෙවර කෙටියෙන්...

රට ජාතිය හා ආගම පිළිබඳ ධර්මපාලතුමාගේ අපේක්ෂාවන්

ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං

විශාරද නන්දා මාලනී ගායනා කල ධර්මපාල ගීතය